අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලේ අධ්‍යාපන කොට්ඨාසයේ ගැමි පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කණිෂ්ඨ ද්විතියික හා ජේෂ්ඨ ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. උසස් පෙළ අංශය කලා හා වාණිජ යන අංශ දෙක යටතේ පැවැත්වේ.






