නොනැවතීම පෙරටම යන්නට - මං පෙත් පෑ අප විදුහල් මව්නි...//
පායා අඹරේ - බැබලේ බැබලේ
වේළුසුමන විදුහල් මවුනි..//
කලා කෙතට රන් අස්වැන්නක් වී - ගුණ නුවණින් දරුවන් වැඩුවෝ..//
ශිල්ප සතර ලැබ ලොව ජයගන්නට
විදුමව ගෙන් අපි දිරි ලැබුවෝ
පායා අඹරේ - බැබලේ බැබලේ
වේළුසුමන විදුහල් මවුනි..//
සාමය සමගිය අභිමානයෙ ධජ - නංවා ලකඹර හැඩකෙරුවෝ..//
දිරිය සවිය දී මහ පවුරක් සේ
සවිබල ඇති දරුවන් හැදුවෝ
පායා අඹරේ - බැබලේ බැබලේ
වේළුසුමන විදුහල් මවුනි..//





