තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

ගලෙන්බිඳුණුවැව

තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

2024 අ:පො:ස: (උසස් පෙළ) විභාග අයඳුම්පත්

11 ශ්‍රේණියේ පළමු වාර විභාගය - 2024

Headimage.png
Headimage.png

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6-9)

  • කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවරේ ඉහළින් සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
  • බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
  • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
  • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතු අතර විවිධ මෝස්තර සහිත පාවහන් පැළදීම නොකළ යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  • කමිසය නිවැරදිව කලිසමට යට කළ යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • පාසල් ලාංඡනය දකුණු පසට සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
  • පාසලේ ටයි පටිය නිවැරදිව පළදා තිබිය යුතුය.
  • ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • කොන්ඩය දෙකට බෙදා නිවැරදිව ගොතා කළු පැහැති රිබන් පැළදිය යුතුය.
  • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.