නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එස්.ඒ.ඩී.ටී.සංජීවනී මිය
1886 වසරේ ආරම්භ වී 1960 මහා විද්‍යාලයක් වූ අ/තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය දස මහා යෝධයන්ගේ පහස ලැබූ, අභිමානනීය ගොවි ජනතාවගේ දහදිය, කඳුළින් පෝෂණය වන පාසල් ප්‍රජාවකින් යුත් ඓතිහාසික පාසලකි.
නිර්මාණශීලී, අභිමානවත් ඇඳුරු මඩුල්ලකින් යුත් එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 518 ක් සිප් නැණින් පෝෂණය කරන ජාතික, පළාත් මට්ටමේ ජයග්‍රහණ වලින් කීර්තිමත් පාසලක් බවට පත් කළ ආදරණීය ශිෂ්‍ය ප්‍රජාව පාසලේ ජීවනාලියයි. එම දූ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය උදෙසා නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම උදෙසා හදවතින්ම කැප වීම මාගේ ඒකායන ප්‍රාර්ථනාවයි.
අප විද්‍යාලය සමඟ සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමඟ සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
එස්.ඒ.ඩී.ටී.සංජීවනී මිය
නියෝජ්‍ය විදුහල්පති
අ/තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය.





