1886 දී තම්මැන්නාව බෝ සෙවණ අසල පිදුරු සෙවිලි කළ මැටි ගොඩනැගිල්ලක ආරම්භ වු පාසල පසුකාලීනව ඇති වු ගැටළු බාධක හේතුවෙන් කඩා වැටීමට ලක්විය. නැවත සුද්දහාමි මොහොට්ටාල මහතා පාසලට ඉඩම පරිත්‍යාග කිරීමෙන් අනතුරුව පොල් අතු සෙවිලි කළ මැටි ගොඩනැගිල්ලක 1925 සැප්තැම්බර් 18 වන දින සිසුන් 05 දෙනෙකුගෙන් නිළ වශයෙන් ආරම්භය සිදු වී ඇත.


මුල් ගුරුවරයා ලෙස අප්පුහාමි මහතාගෙන් ආරම්භ වු පාසල විවිධ දුෂ්කරතා මධ්‍යයේ විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා ශිෂ්‍යයින් රැසකගේ දායකත්වයෙන් මේ දක්වා වර්ධනය වී තිබේ. 1956 වර්ෂයේ දී පාසලේ අ.පො.ස.(සා.පෙළ) පන්තිය ආරම්භ වී ඇති අතර 1960 වර්ෂය වන විට පාසල මහා විද්‍යාලයක් බවට පත් කර 1964 වර්ෂයේ දී අ.පො.ස. (උ.පෙළ) පන්තිය ආරම්භ කරන ලදි. එහිදී මැණික්හාමි නම් ශිෂ්‍යයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ද ලබා ඇත.


මෙලෙස ආරම්භ වු පාසල තුළ වර්තමානයේ දී සෞන්දර්යල පරිගණකල ශ‍්‍රව්‍ය දෘශ්‍ය, පුස්තකාල විමර්ශන, කෘෂි විද්‍යා, ගෘහ විද්‍යා, උපදේශනල විද්‍යා, ගණිතය, ත්‍රෛයි භාෂා, සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපන, ආදී ඒකක මඟින් සිසුන් තුළ අවශ්‍ය දැනුමල ආකල්පල කුසලතාල මනාව නිර්මාණය කර වර්ධනය කර ගැනීමට සුදුසු ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය වී ඇත.

වර්තමාන විදුහල්පති වන එස්.එල්.ජයරත්න මහතාගේ පූර්ණ මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ. නියෝජ්‍ය විදුහල්පති එස්.ඒ.ඩී.ටී.සංජීවනි මහත්මියගේ සහයෝගයෙන් සියලූ විෂයයන් නියෝජනය වන පරිදි 38 ක් පමණ ගුරුමණ්ඩලයක් හා 500 පමණ ශිෂ්‍යයින් ප‍්‍රමාණයක් ඉගෙනුම් කාර්යයේ සාර්ථකව නිරතව සිටී.


වේළුසුමන විදු මෑණියන් බාධක දුෂ්කරතා රාශියක් මධ්‍යයේ ඉහළට ඔසවා තැබීමට දායක වූවෝ බොහෝ වෙති. ආරම්භයේ සිට වර්තමානය දක්වා සියලූ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පාසල් සංවර්ධන කමිටු හා සුභ පතන්නන්ගේ අප‍්‍රතහිත ධෛර්ය හා කැපවීම නිසා මෙවැනි ඉතිහාසයකට හිමිකම් කීමට හැකි වු බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

 

ආරම්භ කළ වර්ෂය

1925 සැප්තැම්බර් 18

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

 අප්පුහාමි මහතා

පාසලේ ආදි කතෘගේ නම

 සුද්දහාමි මොහොට්ටාල මහතා 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

වේළුසුමන මහා විද්‍යාලය

පාසල පැවැත්වූ ස්ථානය

තම්මැන්නාව බෝ සෙවණ අසල පොල් අතු සෙවිලි කළ මැටි ගොඩනැගිල්ලක