1886 දී තම්මැන්නාව බෝ සෙවණ අසල පිදුරු සෙවිලි කළ මැටි ගොඩනැගිල්ලක ආරම්භ වු පාසල පසුකාලීනව ඇති වු ගැටළු බාධක හේතුවෙන් කඩා වැටීමට ලක්විය. නැවත සුද්දහාමි මොහොට්ටාල මහතා පාසලට ඉඩම පරිත්‍යාග කිරීමෙන් අනතුරුව පොල් අතු සෙවිලි කළ මැටි ගොඩනැගිල්ලක 1925 සැප්තැම්බර් 18 වන දින සිසුන් 05 දෙනෙකුගෙන් නිළ වශයෙන් ආරම්භය සිදු වී ඇත.





