විදුහල්පති පණිවිඩය
එස්.එල්.ජයරත්න මහතා
දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ, මිහින්තලේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන 1C වර්ගයට අයත් දීප්තිමත් පාසලකි.
කෘෂිකාර්මික හා ධීවර ගම්මාන වලින් සමන්විත වන පාසලේ පෝෂිත ප්‍රදේශයේ දරුවන් ආර්ථික හා සාමාජීය දුෂ්කරතා වලින් හෙබි කාලසීමාවක වර්තමාන විදුහල්පතිවරයා ලෙස මා පාසලට පැමිණියේය. මාගේ පාලන කාලය තුළ පාසලේ මානව හා භෞතික සම්පත් අතින් යම් මට්ටමක සංවර්ධනයක් සිදු කරමින් සිටින අතර අ:පො:ස: (සාමාන්‍ය පෙළ) විභාග ප්‍රතිඵල වලින් පාසල තවත් ඉදිරියට ඔසවා තැබීමට ඉතා කැපවීමෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි සියලුම ගුරුභවතුන් නිරතවන කාලවකවානුවක් ලෙස හැඳින්විය හැක.පාසලේ දරුවන්ගේ අනාගතය යහපත් වනු දැකීම මාගේ ප්‍රාර්ථනයයි.
අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමඟ සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
එස්.එල්.ජයරත්න මහතා
විදුහල්පති
අ/තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය.





